නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඔස්ට්‍රේලියාවට පැමිණි පුද්ගලයන් 13 දෙනෙකු පසුගිය 4දා ශ්‍රී ලංකාවට පිටත්කර එවූ බව ඔස්ට්‍රේලියානු රජය තහවුරු කරයි.
මෙසේ එවනුලැබූ පුද්ගලයන් මෑතකදී අත්අඩංගුවට ගත් පිරිසක් නොවන බවත්, ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීම සඳහා නීත්‍යනුකූල පදනමක් නොමැති, පුරවැසියන් නොවන මෙම පිරිස ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක බැඳීම් සපුරාලීම සඳහා අදාළ නොවන බව තහවුරු වී ඇති බවත් ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
එමෙන්ම, නීති විරෝධී ලෙස බෝට්ටු මගින් ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට උත්සාහ දරණ කිසිවෙකුටත් එහි පදිංචි වීමට ඉඩ නොලැබෙන බවද ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් පවසයි.