ද බෑන්කර් සඟරාව මගින් ආසියා පැසිෆික් කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස තමාව තෝරාගැනීම, රට තුළ පවත්වාගෙන යනු ලබන මූල්‍ය විනය ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට ලක් කිරීමක් බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම සම්මානය තමා පෞද්ගලිකව ලැබූ ජයග්‍රහණයක් නොව සමස්ත රටක් වශයෙන් ලැබූ ජයග්‍රහණයක් බවයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ මඟ පෙන්වීම මත, රටේ ආර්ථිකය ශක්තිමක් කිරීම සඳහා ගෙනයන වැඩපිළිවෙළ ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට ලක් වන බවත්, මෙයද එහි තවත් එක් අවස්ථාවක් බවත් අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේය. ඒ අනුව මෙම සම්මානය හරහා රටේ ආර්ථික ගමන් මඟ පිළිබඳ ගොඩනැගෙන ජාත්‍යන්තර විශ්වාසය තුළින් අනාගතය පිළිබඳ සුබවාදී බලාපොරොත්තු තැබිය හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.