ග්‍රාමසේවා මට්ටමින් ජනතා ගැටළු හඳුනාගැනීම සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් ආරම්භ කර ඇති ජංගම සේවා ජනතා සත්කාරක සේවා වැඩසටහන මොනරාගල සහ බදුල්ල දිස්ත්‍රික්කයන්හි ක්‍රියාත්මක කරන බවත්, එම කටයුතු ජුනි මස 02 දින ආරම්භ කරන බවත් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ජංගම සේවා වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත ප්‍රදේශවල මහජන නියෝජිතයින්, ප්‍රජා සංවිධානවල නායකයින් සහ රාජ්‍ය නිළධාරීන් දැනුවත් කිරීම සඳහා පසුගිය දා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති සාකච්ඡාවකදීය.
පසුගිය දැයට කිරුළ වැඩසටහනට සමගාමීව දිස්ත්‍රික්ක තුනක ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහන මගින් ජනතාව ලැබූ ප්රතිලාභ ඉතා ඉහළ අගයක් ගත් බවත් එමගින් ජනතාවගේ ගැටළු රැසක් විසඳීමට හැකිවූ බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
ජනතා අවශ්‍යතා ජනතාවගේ අදහස් හා යෝජනා තුළින්ම හඳුනාගැනීම තුළින් එම ප්‍රදේශවල තිබූ අත්‍යවශ්‍ය පහසුකම් රැසක් ලබාදීමට හැකිවූ බවද පෙන්වා දුන් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ ජනතාවට රාජ්‍ය සේවය විසින් ලබාදිය යුතු විසඳුම් ඔවුන් වෙතම ගොස් කඩිනමින් ලබාදීම සහ ග්‍රාමීය අවශ්‍යතා ජනතාවගෙන් සෘජුවම ලබාගෙන ඒවාට විසඳුම් ලබාදීම බවද කියා සිටියේය.