පොලිස් නිශ්කාෂණ වාර්තාව (Police Clearance Report) අන්තර්ජාලය ඔස්සේ (Online) ලබාගැනීමට ජනතාවට පහසුකම් සලසා ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.
විශේෂයන්ම ඇතැම් රටවල් සඳහා විදේශගත වීමට බලාපොරොත්තු වන සහ විදේශ ගතවී සිටින අයට ඉතා වැදගත් ලේඛනයක් වශයෙන් සැලකෙන මෙය නව ඉ-සේවාව නිසා දින 4 - 5ත් අතර කාලයකදී ලබාගැනීමට හැකිවන බව එම ආයතනය පවසයි.
පෙර පැවති සාමාන්‍යය ක්‍රමවේදයට අනුව මෙම පොලිස් නිශ්කාෂණ වාර්තාව ලබාගැනීමට අයැදුම් කිරීම සඳහා ජනතාවට කොළඹ ඕල්කට් මාවතේ පිහිටි කාර්යාලය වෙත පැමිණීමට සිදුවූ අතර වාර්තාව නිකුත් කිරීමට දින 14ක පමණ ගත විය.
www.police.lk www.gov.lk වෙබ් අඩවි වෙත පිවිසීමෙන් මෙම පහසුකම ලබාගැනීමට හැකි වන අතර මේ සඳහා වන මූල්‍යය ගෙවීම් ණයවර කාඩ්පත් මගින් (Credit Card) කළ හැකි බව නියෝජිතායතනය පවසයි.
මෙම පොලිස් නිශ්කාෂණ වර්තාව මෙසේ ඉ-සේවාවක් වශයෙන් කාර්යක්ෂම කිරීම සදහා මෙරට සියලු පොලිස් ස්ථාන සමග තොරතුරු හුවමාරු කර ගත හැකි මධ්‍යය ගත පරිගණක තොරතුරු පද්ධතියක් ස්ථාපිත කර තිබේ.
මෙරට සහ විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් මාසයකට අයදුම්පත් තුන්දහසත් හාරදහසත් අතර ප්‍රමාණයක් මෙම වාර්ථාව ලබා ගැනීම සදහා පොලිස් දෙපාර්තමේන්තුවට ලැබේ.
ඉ-සේවාව නිල වශයෙන් ආරම්භ කිරීම පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මුලස්ථානයේදී සිදුවිය.