පොල් වගාවේ ව්‍යාප්තියට බාධාවක් වී පවතින රතු කුරුමිණි උවදුර මැඬලීම සඳහා පැරමෝන උගුල් බෙදාදීමට පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.
පොල්ගස එහි තරුණ අවධියේදීම සම්පූර්ණයෙන්ම විනාශ කර දමන මෙම රතු කුරුමිණි වසංගතය මැඬලීම සඳහා පැරමෝන උගුල් භාවිත කිරීමටත්, එමගින් පොල් ව්‍යාප්තියට උරදීමට වගාකරුවන්ගේ යුතුකම හා වගකීම් බවත් අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා පෙන්වා දෙයි.