පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය සහ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අතර හමුවක් පසුගියදා පැවැත්විණි.
ආසියා පැසිෆික් කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස ද බෑන්කර් සම්මානය ලබා ගැනීම සඳහා බ්‍රිතාන්‍යට ගොස් සිටි අතර තුර ලන්ඩන් නුවර ෆෝ සීසන්ස් හෝටලයේ දී මෙම හමුව පැවැත්වුණු බව මුදල් අමාත්‍යාංශය පවසයි.
මෙම අවස්ථාවට බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අමරි විජේවර්ධන මහත්මියද එක්ව සිටියාය.