පේෂකර්ම හා ඇඟලුම් ක්ෂේත්රයේ පාඨමාලාව සඳහා විශාල ඉල්ලුමක් පවතින බවත්, එසේ පුහුණුව ලබන සිසුන්ට පේෂකර්ම හා ඇඟලුම් ආයතනය මඟින් ලබා දෙන සහතිකයට අමතරව ජාත්‍යන්තරය පිළිගත් NVQ (National Vocational Qualification) හෙවත් ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකයක් ලබාදීමට සැලසුම්කර ඇති බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා පේෂකර්මාන්ත ආශ්‍රිතව අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී ය.
ශ්‍රි ලංකා පේෂකර්ම ඇඟලුම් ආයතනය, ශ්‍රී ලංකාවේ පේෂකර්ම, ඇඟළුම් හා පාවහන් ආශ්‍රිතව ව්‍යවසායකයන්ට අවශ්‍ය පුහුණුව ලබාදෙන ඉහළම ආයතනවලින් එකක් බව කියැවේ. මෙම පුහුණු කිරීම් සඳහා නේවාසික පහසුකම් සහිත පේෂකර්මාන්ත හා ඇඟලුම් පුහුණු පාසල් 14 ක් පවතින අතර, මෝස්තර නිර්මාණ පාසල් 02 ක්ද තිබේ. මෙහි පාඨමාලා ඕනෑම අයෙකුට නොමිලේ හැදෑරිය හැකි අතර, පාඨමාලා කාලය තුළ එක් සිසුවෙකුට රු.100.00 ක දෛනික දීමනාවක් හා නිළ ඇඳුම්ද ලබා දේ. පසුගිය වසරේදී පමණක් මෙම පාඨමාලා හැදෑරීමට සිසුන් 2020 ක් ලියාපදිංචි වී සිටියහ.