පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී. සමාගම සිය 20 වන සංවත්සරය සමරමින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ගනුදෙනු ආරම්භක සීනුව නාද කිරීම පසුගියදා සිදු කෙරිණි.
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී. හි නියෝජ්‍ය සභාපති ප්‍රදීප් අමිර්තනායගම්, අධ්යක්ෂවරුන් වන වසන්ත කුමාර්, ජොන්සන් ප්‍රනාන්දු, එම්.ඒ.එම්. රිස්වාන් සහ ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්යක්ෂ ඩී. පී. කුමාරගේ යන මහත්වරුන් මෙන්ම කොළඹ කොටස් වෙළෙඳ පොළ නියෝජනය කරමින් එහි සභාපති වජිර කුලතිලක, ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක යන මහත්වරුන් ඇතුළු ඉහළ කළමනාකාරීත්වයද මේ සඳහා සහභාගී වූහ.