පෑන් ඒෂියා ප්‍රාථමික අලෙවි කටයුතු අත්හිටුවයි
පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් පී.එල්.සී. හි ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අද (15දා) පෙ.ව. 10.00 සිට බලපැවැත්වෙන පරිදි මාස 6ක කාල සීමාවක් සඳහා අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.
පෑන් ඒෂියා බැංකුව විසින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම සමග සිදුකරනලද ගනුදෙනුවලට අදාළව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරන විමර්ශනයන් මත පදනම්ව මෙම නියාමනය ක්‍රියාමාර්ගය ගෙන ඇති බව මහ බැංකුව පවසයි.
තවද, ඉහත නියාමන ක්‍රියාමාර්ගය හේතුවෙන් 1988 අංක 30 දරණ බැංකු පනතේ දෙවැනි උප ලේඛනයට අනුව බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වශයෙන් පෑන් ඒෂියා බැංකුව විසින් සිදුකරනු ලබන බැංකු කටයුතු කෙරෙහි කිසිදු බලපෑමක් ඇති නොවන බවද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාවට දැනුම් දෙයි.
ඒ අනුව, බැංකු පනතේ දෙවැනි උප ලේඛනයේ විධිවිධානයන්ට අනුකූලව පෑන් ඒෂියා බැංකුවට රජයේ සුරැකුම්පත් වෙළෙඳ පොළේ තවදුරටත් ගනුදෙනු සිදුකිරීමේ හැකියාව ඇති අතර, රජයේ සුරැකුම්පත් වෙළෙඳ පොළෙහි පෑන් ඒෂියා බැංකු ගනුදෙනුකරුවන්ගේ හා ප්‍රතිපාර්ශ්වයන්ගේ හිමිකම්වලට හානි නොවන පරිදි අවශ්‍ය ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාව මහ බැංකුව විසින් නිසි පරිදි ගනු ලබන බවද වැඩිදුරටත් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

