2015 පාවහන් හා සම්භාණ්ඩ ප්‍රදර්ශනය පෙබරවාරි 06 සිට 08දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලාංකේය පාවහන් සහ සම්භාණ්ඩ කර්මාන්තය ජාතික හා අන්තර්ජාතික වශයෙන් ප්‍රචලිත කිරීම, අපනයන හැකියාවක් ඇති නිර්මාණශීලි හා දක්ෂ නිපැයුම්කරුවන් හඳුනාගැනීම සහ ඔවුන් අපනයනය කරා යොමු කිරීමේ අරමුණින් මෙම ප්‍රදර්ශනය පැවැත්වේ.
මෙම ප්‍රදර්ශනය පිළිබඳ වැඩිදුර තොරතුරු www.srilankabusiness.com වෙබ් අඩවියෙන් හා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ඇමතීමෙන් ලබාගත හැකිය.