පාවහන් හා සම්භාණ්ඩ ප්‍රදර්ශනයට සමගාමී, ශ්‍රී ලාංකීය පාවහන් හා සම්භාණ්ඩ ක්ෂේත්රයේ නව මෝස්තර එළිදැක්වීමේ විලාසිතා දැක්මක් පෙබරවාරි 06 දා සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්වේ.
පෙබරවාරි 5 සිට 6 දා දක්වා පාවහන් හා සම්භාණ්ඩ ජාත්‍යන්තර ප්‍රදර්ශනය පැවැත්වෙන අතර, මෙවර ප්‍රදර්ශනය ශ්‍රී ලාංකීය නිෂ්පාදනයන්ගෙන් පමණක් සන්නද්ධ වනු ඇත.
2014 වසරේදී පාවහන් හා සම්භාණ්ඩ අපනයනයෙන් ශ්‍රී ලංකාව ලද සමස්ත විදේශ විනිමය ප්‍රමාණය ඇ.ඩො.මිලියන 110කට ආසන්නය. ඉන් ඇ.ඩො.මිලියන 86.6ක් පාවහන් අංශයෙන්ද, ඇ.ඩො.මිලියන 22.9ක් සම්භාණ්ඩ අංශයෙන්ද ලබා තිබේ.