ග්‍රාමීය පාලම් 1,210 වැඩසටහන යටතේ ඉදිකළ පාලම් 210ක් විවෘත කිරීම සහ තවත් පාලම් 1,000ක් ගොඩනැගීමේ වැඩ ආරම්භ කිරීම හෙට (18දා) පෙරවරු 10.40 ට දිවයින පුරා දිස්ත්‍රික්ක 20කදී සිදුකෙරන බව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ ගම් දොරට දිවයිනේ රන් දොරටු විවර කරමින් ඉසුරුමත් හෙට දිනක් වෙනුවෙන් ගමත් නගරයත් යා කරන දිවයින පුරා ක්‍රියාත්මක වන මෙම ග්‍රාමීය පාලම් ගොඩනැගීමේ වැඩසටහන ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් සිදු කරනු ලබයි.