අධිවේගී ප්‍රහාරක යාත්‍රා නිෂ්පාදනයේ නිරත මෙරට ප්‍රමඛ සමාගමක් වන සෝලාස් මැරයින් ලංකා සමාගමේ (Solas Marine Lanka (Pvt) Ltd) නිෂ්පාදන අංගනය, පසුගිය 22 වැනිදා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතාගේ නිරීක්ෂණයට ලක්විය.
මෙරටට අතිවිශාල විදේශ විනිමයක් උපයා දෙන අදාල සමාගමේ නිෂ්පාදන ක්‍රියාවලිය හා අපනයන කටයුතු අධීක්ෂණය කිරීමත්, එහිදී ඔවුන් මුහුණ පාන ගැටළු සඳහා රාජ්‍ය සහයෝගය ලබාදිය හැකි ආකාරය සොයා බැලීමත් මෙම චාරිකාවේ අරමුණ වූ බව එම අමාත්‍යාංශය පවසයි.