රොටානා ජෙට් ගුවන් සමාගම සමග මෑතකදී පැවති සාකච්ඡාවකට අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල් බටීන් ගුවන් තොටුපලේ සිට නව ගුවන් යානයක් මෙරටට පැමිණෙමින් එහි සමාරම්භය සනිටුහන් කිරීමට සැරසෙන බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා පවසා සිටියේය.
අප්‍රේල් 10 වැනිදා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල වෙත පැමිණෙන ප්‍රථම රොටානා ජෙට් යානය, ඉන් අනතුරුව මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපල හරහා නැවත අබුඩාබි වෙත ගුවන්ගමන් ආරම්භ කරන බවද සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා පෙන්වා දුන්නේය.
මෙම සමාරම්භක අවස්ථාවට රොටානා ජෙට් සාමාගමේ සභාපති ෂික් අහමඩ් බින් ෂයිෆ් අල් නහායාන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වීමට නියමිතය.
මෙම නව ගුවන් ගමන් ආරම්භය තුළින් දෙරට අතර පවත්නා ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට හැකිවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.