ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කරලීමේ ප්‍රතිශතය 57.5% ක් බවත්, එය 2016 වසරේදී 58.96% දක්වා ඉහළ යන බව ලෝක බැංකු වාර්තාවල සඳහන් වී ඇති බව මුදල් අමාත්‍යාංශය කියයි.
එමෙන්ම, දකුණු ආසියානු කලාපයේ ව්‍යාපාරික කටයුතු සිදුකිරීමේ පහසු පසුබිම සැකසී ඇති රාජ්‍යයන් අතරින් ශ්‍රී ලංකාව දැනට පසුවන්නේ 113 වැනි ස්ථානයේ ය. එහෙත්, මෙම අගය ලබන 2016 වසරේදී 107 දක්වා තවදුරටත් අඩුවෙමින් ව්‍යාපාරික පරිසරය ශක්තිමත් කරනු ඇති බවට එම වාර්තා පෙන්වාදී ඇති බව මුදල් අමාත්‍යාංශය කියයි.
කලාපයේ ව්‍යාපාරික කටයුතු පහසු රාජ්‍යයන් අතුරින් පෙරමුණේ පවතින්නේ භූතානයයි. භූතානය දැනට පසුවන්නේ 71 ස්ථානයේය. නේපාලය 99 වැනි ස්ථානයේත්, මාලදිවයින 128 වැන්නේත්, ඉන්දියාව 130 වැනි ස්ථානයේත් පසුවෙයි.