නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඉහළ කළමනාකාරීත්ව කණ්ඩායමට නව සාමාජිකයන් කිහිප දෙනෙකු පත්කළ බව එම බැංකුව නිවේදනය කරයි. මෙය අනාගත දියුණුව සඳහා බැංකුව සකස් කර ඇති සැලසුම් වඩාත් සාර්ථක ලෙස ක්‍රියාවට නැංවීමට අවශ්‍ය ශක්තිය මෙන්ම නායකත්වයේ විවිධත්වය සමග බැංකුව සංවර්ධනය කරා ගෙනයාම ඉවහල් වනු ඇති බවද එම බැංකුව පවසයි.
ඒ අනුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ නව ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස තිලක් පියදිගම මහතාත්, බැංකුවේ නව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී-වාණිජ බැංකුකරණ සේවා ලෙස හේමන්ත ගුණතිලක මහතාත්, ප්‍රධාන අලෙවි නිලධාරී ලෙස ශාන් වික්‍රමසිංහ මහත්මියත්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී-අභ්‍යන්තර විගණන ලෙස නන්ද බණ්ඩාර මහතාත්, නියෝජ්‍ය ණය ප්‍රධානී ලෙස ගයාන් රණවීර මහතාත් පත්වීම් ලබා ඇත.