ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති ලුයිස් ඩබ්ලිව්.එම්.පීට් මහතා සහ ස්වදේශ කටයුතු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතා අතර හමුවක් ස්වදේශ කටයුතු අමාත්‍යංශ පරිශ්‍රයේ පසුගියදා පැවැත්විණි.
නෙදර්ලන්තය මෙරට සංවර්ධන සහ ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් දක්වන දායකත්වය සම්බන්ධයෙන් මෙහිදී අමාත්‍යවරයා විසින් තානාපතිවරයාගෙන් කරුණු විමසා ඇති අතර, දෙරට අතර සුහදතාව වර්ධනය කිරීම සඳහා නව රජය සමග සමීපව කටයුතු කිරීමට නෙදර්ලන්තය නිරතුරුවම සූදානමින් සිටින බව තානාපතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ.