නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කළ විදේශීය මත්පැන් බෝතල් 1,200ක් සොයා ගැනීමට මුදල් අමාත්‍යාංශයේ නීති විරෝධී මත්පැන් වැටලීමේ විශේෂ ඒකකය සමත් වී තිබේ.
එම ඒකකයට ලද තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය සමග කොළඹ ලිප්ටන් වටරවුම ආසන්න ප්‍රදේශයකදී මෙම විදේශීය මැත්පැන් තොගය සොයාගෙන තිබේ.
එම අවස්ථාවේ මෙම මත්පැන් තොගය සුඛෝපභෝගී රථයකින් ප්‍රවාහනය කරමින් සිට ඇති අතර, මෙම මත්පැන් බෝතලයක වෙළෙඳ පොළ වටිනාකම රුපියල් හයදහසකට අධික බව මුදල් අමාත්‍යාංශයේ නීති විරෝධී මත්පැන් වැටලීමේ විශේෂ ඒකක ප්‍රධානී වින්ග් කමාන්ඩර් රවී ජයසිංහ මහතා සඳහන් කළේය.
මෙම ජාවාරම කලක් තිස්සේ සිදු කරගෙන ගොස් ඇති බවට සැක කරෙන අතර, කොළඹ අවට රාත්‍රී අවන්හල් වෙත මේවා බෙදාහැරීමට නියමිතව තිබූ බවද ජයසිංහ මහතා සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම ඒකකය මගින් අගෝස්තු මාසය තුළ සිදුකළ තුන් වැනි වැටලීම මෙය වන අතර, සිද්ධිය සම්බන්ධ ඉදිරි විමර්ශන කටයුතු සුරාබදු දෙපාර්තමේන්තුව මගින් සිදුකරන බවද පවසා සිටියි.