නිවාස ප්‍රතිපත්ති ක්‍රියාකාරී සැලැස්ම පිළිගැන්වේ
ඉදිකිරීම් , ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාශය මගින් සම්පාදනය කළ ජාතික නිවාස ප්රතිපත්තියෙහි ක්‍රියාකාරි සැලැස්ම ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රජපක්ෂ මහතා වෙත පසුගියදා පිළිගැන්වීය.
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුබද්ධිත රාජගිරියේ පිහිටි විදු පියස ප්‍රධාන ශ්‍රවනාගාරයේදී එය සිදුවිය.
අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක 14/0427/571/016 වු ජාතික නිවාස ප්‍රතිපත්තිය යන මැයෙන් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද 2014 මාර්තු 03 වැනි දිනැති සංදේශය ප්‍රකාරව ජාතික නිවාස ප්‍රතිපත්තිය සඳහා 2014 සැප්තැම්බර් 18 වැනිදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී තිබේ. ඊට අනුකූලව මෙම ක්‍රියාකාරි සැලැස්ම සම්පාදනය කර ඇත.
මෙම අවස්ථාවට එක්වූ ජනාධිපති ලේකම් ලලිත් විරතුංග මහතා, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා දෙසුම් පැවැත් වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රිනි මාලනි ෆොන්සේකා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් හා රජයේ උසස් නිලධාරින් පිරිසක් ඊට එක්වූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

