නැගෙනහිර හෙක්ටයාර 10000 ක් ආයෝජනයට සුදුසුයි - නසීර් අහමඩ්
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නැගෙනහිර පළාත තුළ ඇති හෙක්ටයාර 10,000 කට ආසන්න භූමි ප්‍රමාණයක් ආයෝජන සඳහා සුදුසු බව හඳුනාගෙන ඇතැයි නැගෙනහිර පළාත් කෘෂිකර්ම, සත්ත්ව නිෂ්පාදන සහ සංවර්ධන, ධීවර, ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන හා සංචාරක අමාත්‍ය නසීර් අහමඩ් මහතා පවසයි.
නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය ප්‍ර‘දේශය තුළ හෙක්ටයාර 2,000 ක්, මඩකලපුව හෙක්ටයාර 5,000 ක්, අම්පාර හෙක්ටයාර 3,000 ක් මෙසේ අයෝජනය සඳහා සුදුසු බිම්කඩවල් ලෙස ආයෝජන මණ්ඩලය විසින් හඳුනාගෙන ඇතැයි හෙතෙම වැඩිදුරටත් පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ එළැඹෙන 17 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත ප්‍රථම නැගෙනහිර පළාත් ආයෝජන ප්‍රවර්ධන සංසදය පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා අද (9දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.
එම අවස්ථාවට නැගෙනහිර පළාත් අමාත්‍යාංශ ලේකම් කේ.පද්මනාදන් සහ අමාත්‍ය උපදේශක හා සංසද ලේඛකාධිකාරී අධ්යක්ෂ සමන්ත අබේවික්‍රම යන මහත්වරැ සහභාගී වූහ.
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
