නැ. පර්යන්තය කඩිනම් කරනවා - වරාය සභාපති
2018 දී නව මානව සම්පත් සැලැස්මක් ඔස්සේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මානව සම්පත් සංවර්ධනයටද අවකාශය සලසා ඇති බවත්, බහාලු මෙහෙයුම් ධනාත්මක වර්ධනය උදෙසා නැගෙනහිර පර්යන්තය කඩිනම්ව ඉදිකරන බවත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා පවසා සිටියේය.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය 2018 නව වර්ෂයේ වැඩ ඇරඹීමේ අවස්ථාවට එක්වෙමින් සභාපතිවරයා මෙසේ අදහස් දක්වා සිටියේය. මෙම අවස්ථාව ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සිදුව තිබුණි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරාය,
"2018 වසර ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සැමට සුවිශේෂී වසරක් වෙනවා. 2018 වසර ඇරඹුමේදීම සැමට සඵලදායී වැටුප් වැඩිවීමකට එලඹෙන අතර, සහෝදර පර්යන්ත වන SAGT, CICT දායකත්වයෙන් යුතු සමුද්‍රික ක්ෂේත්රයේ ගෝලීයකරණය හා තරගකාරීත්වයට මුහුණදීමට අපේක්ෂා කරනවා. එහිදී, වරාය අධිකාරියේ සියලු ක්ෂේත්රවල ඵලදායීතාව තවදුරටත් වැඩිකිරීමට සියලු සේවක මහත්ම මහත්මීන්ගේ මනා කාර්යක්ෂම සේවාව ඉතා වැදගත් වෙනවා. මේ වසර තුළ නව මානව සම්පත් සැලැස්මක් ඔස්සේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මානව සම්පත් සංවර්ධනයටද අවකාශය සලසා ඇති අතර, බහාලු මෙහෙයුම් ධනාත්මක වර්ධනය උදෙසා නැගෙනහිර පර්යන්තය කඩිනම්ව ඉදිකිරීමටද කටයුතු කරනවා.
ගෙවීගිය 2017 වර්ෂය ශ්‍රී ලංකා වරාය අධිකාරියට සංධිස්ථාන රැසක් හිමිකර දුන් වර්ෂයක් වන අතර, අධික ණය බරකින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය මුදවා ගැනීමට වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ නායකත්වය හමුවේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක්ද වෙනවා" යැයි පවසා සිටියේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති පී.ජී.දසනායක, කළමනාකාර අධ්යක්ෂ එච්.ඩී.ඒ.එස්.ප්‍රේමචන්ද්‍ර, අතිරේක කළමනාකාර අධ්යක්ෂ දත්ත ගුණසේකර ඇතුළු අධ්යක්ෂවරුන්, කොට්ඨාශ ප්‍රධානීන්, විධායක නිලධාරීන් හා වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය නියෝජනය කරමින් පැමිණි නිලධාරී මහත්ම මහත්මීන්ද, වෘත්තීය සංගම් නියෝජිතයන් සහ සේවක මහත්ම මහත්මීන් රැසක්ද එක්ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



