සහල් සඳහා පාලන මිලක්පැනවීමේ අවශ්‍යතාව පළිබඳ සලකා පළමු පියවර ලෙස නාඩු සහල් සඳහා පාලන මිලක් නියාම කිරීමට තීරණය කර තිබේ.
2017 දෙසැම්බර් 19 වැනිදා පැවති ජීවන වියදම් පිළිබඳ කබිනට් අනුකමිටු රැස්වීමේදී මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.
ඒ අනුව, එළැඹෙන උත්සව සමයේදී පාරිභෝගිකයාට වඩාත් සහනදායී මිලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවද සතෝස සහ පෞදගිලක ආයතන මගින් අවශ්‍ය සහල් තොග ආනයනය කිරීමටත්, නාඩු සහල් කි.ග්රෑ.1ක් සඳහා රු.74/- ක් ලෙස තීරණය ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
මීට අමතරව පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් දිවයින පුරා සහල් වර්ග අලෙවි වන සිල්ලර මිල ගණන් පිළිබඳ දිනපතා තොරතුරු එක්රැස් කරන අතර, පවතින තත්ත්වය සලකා බලා අවශ්‍ය වුවහොත් අනෙකුත් සහල් සඳහාද උපරිම සිල්ලර මිලක් පැනවීම සඳහා කටයුතු කරන බවද පාරිභෝගික කටයුතු අධිකාරිය වැඩිදුරටත් පවසයි.