හම්බන්තොට, නාගරවැව ප්‍රදේශයේ ඉදිකළ කරුළු අභිජනන හා පර්යේෂණ මධ්‍යස්ථානය පසුගියදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරිණි.
දුර්ලභ සහ වඳවී යාමේ තර්ජනයට ලක්ව ිසටින සත්ව කොට්ඨාශයන් අභිජනනය කිරීමේ අරමුණින් පවත්වාගෙන යන මෙම මධ්‍යස්ථානය අක්කර 38ක භූමි භාගයක් පුරා පැතිර පවතී.
ලෝකයේ සිටින සියලුම වර්ගයේ කුරුල්ලන්ගේ එකතුවක් මෙම මධ්‍යස්ථානය තුළ පවත්වාගෙන යනු ලබන බව එහ ිකළමනාකාර අධ්යක්ෂ අමිත් ගාල්ලගේ මහතා පැවසීය.
එමෙන්ම, ඒ පිළිබඳ අධ්‍යයනය කරන පාසල් සිසුන්ට, විශ්වවිද්‍යාල සිසුන්ට මෙන්ම ඒ ගැන කැමැත්තක් දක්වන සියලු දෙනාට තම අධ්‍යයන කටයුතු කරගෙන යෑමට අවශ්‍ය සියලු පහසුකම් සහිතව මෙම මධ්‍යස්ථානය ඉදිකර තිබෙන බවද හෙතෙම පැවසීය.
නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.