සමූපකාර රක්ෂණ සමාගමේ නව ගොඩනැගිල්ල වන සමූපකාර රක්ෂණ මන්දිරය ඊයේ (03දා) පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත විය.
කොළඹ 14, ග්‍රෑන්ඩ්පාස්, අංක 74/5 දරණ ස්ථානයේ පිහිටි සිවු මහල් සමූපකාර රක්ෂණ මන්දිරය විවෘත කළ ජනාධිපතිවරයා එහි සමරු සටහන් පොතේ සමරු සටහනක්ද තැබීය.
සමූපකාර සේවාවට කළ මෙහෙවර අගයා ජනාධිපතිවරයා වෙත මෙහිදී විශේෂ තිළිණයක්ද පිරිනැමී තිබේ.
ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි, සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සමූපකාර රක්ෂණ සමාගමේ සභාපති ඩබ්.ලලිත් ඒ. පීරිස් යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.