යෝජිත නව දේශීය ආදායම් පනත මගින් ශ්‍රී ලංකාවේ බදුකරණය සරල කරන අතර, ඉදිරියේදී එය ශ්‍රී ලංකාවට පැමිණෙන ආයෝජක මිත්‍රශීලී පනතක් වනු ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නියෝජිතයන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා එම අමාත්‍යාංශයේදී ඊයේ හමුවී නව පනතට අදාළ කරුණු සාකච්ඡා කළ අවස්ථාවේදී අමාත්‍යවරයා මෙසේ පවසා තිබේ.