කටාර් රාජ්‍යයේ දෝහා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ආර්. සීතාරාමන් මහතා අද (12දා) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී තිබේ.
දිවයිනට පැමිණ සිටින සීතාරාමන් මහතා සහ ජනාධිපතිවරයා අතර මෙහිදී සාකච්ඡා පැවැත්වී ඇති අතර, මෙම අවස්ථාවට කටාර්හි ශ්‍රී ලංකා තානාපති ඒ.එස්.පී. ලියන්ගේ මහතාද සහභාගි වී තිබේ.