නව අමාත්‍යාංශය හරහා රට වෙනුවෙන් දේශීය සහ විදේශීය වශයෙන් තමාට පුළුල් වගකීමක් පැවරී ඇති බව නව විදේශ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් රවි කරුණානායක මහතා පවසා සිටියේය.
රවි කරුණානායක මහතා අද (22දා) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී නව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමෙන් අනතුරුව මුදල් අමාත්‍යාංශය වෙත පැමිණීමෙන් අනතුරුව මෙසේ පවසා සිටියේය.