එක් පවුලක සුඛවිහරණය සඳහා වෙන් වී තිබූ රාජ්‍ය ආයතන, අද ජනතාවට සේවය සපයන ස්ථාන බවට පත්වෙමින් තිබෙන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දූෂණය අවම කිරීම සහ නවීකරණය තුළින් ලැබෙන ප්රතිලාභ ඍජුවම ජනතාව වෙත ලබාදීම යහපාලන රජයේ අපේක්ෂාව බවයි.
ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් මුදල් අමාත්‍යාංශය සංවිධානය කළ වැඩසටහනකට එක්වෙමින් රවි කරුණානායක මහතා මේ බව කියා සිටියේය.
මෙහිදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිවයින පුරා නව ලොතරැයි අලෙවි නියෝජිතවරියන් 1,000කට පත්වීම් ලබාදීමද සංකේතවත් ලෙස සිදු කෙරිණි. දරිද්‍රතාව සහ විවිධ ආබාධිත තත්ත්වයන් ඇති කාන්තාවන්ට ප්‍රමුඛත්වය ලබාදෙමින් මුළු දිවයිනම ආවරණය වන පරිදි මෙම පත්වීම් ලිපි ලබාදීම සිදුකර තිබීමද විශේෂත්වයකි.