දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනයට සමගාමීව ඉදිකරන ලද අති නවීන පහසුකම්වලින් සමන්විත නැණසල තොරතුරු තාක්ෂණ විද්‍යාගාරය අද (21දා) කුලියාපිටිය කාර්මික විද්‍යාල පරිශ්‍රයේදී විවෘත කෙරේ.
වාර්ෂිකව පැවැත්වෙන දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනයට සමගාමීව ඉදිකරන ලද දෙවැනි නැණසල තොරතුරු තාක්ෂණ විද්‍යාගාරය මෙය බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.
කාර්මික විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ට තම දැනුම පුළුල් කරගැනීම සඳහා මෙම තොරතුරු තාක්ෂණ විද්‍යාගාරය බෙහෙවින් වැදගත් වන බවද නියෝජිතායතනය සඳහන් කරයි.
විදුලි සන්දේශ සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී රෙෂාන් දේවපුර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම විවෘත කිරීම සිදු කෙරේ.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පදනම් කරගනිමින් ජනතාවගේ කටයුතු පහසුකර ගැනීම සඳහා ක්‍රියාත්මක ව්‍යපෘති සහ වැඩසටහන් පිළිබඳව දැනුම්වත් කිරීම සුපුරුදු පරිදි නියෝජිතායතන ප්‍රදර්ශන කුටියේදී සිදුකෙරේ.
සමාජජාල වෙබ් අඩවි යහපත් ආකාරයෙන් පරිශිලනය කරන්නේ කෙසේද යන වග හා තොරතුරු තාක්ෂණ ව්‍යාපාර බාහිරකරණය පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන්ද ක්‍රියාත්මක බව නියෝජිතායතනය වැඩිදුරටත් පවසයි.