ලොව ප්‍රධාන පෙළේ මුල්‍ය සඟරාවක් වන 'ද බෑන්කර්' සඟරාව මඟින් ආසියා පැසිෆික් කලාපයේ 2017 වසරේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස නම් කළ ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට, ඊට අදාළ සම්මාන ප්රදානය පසුගිය 24දා ලන්ඩන් හි පිහිටි 'ද බෑන්කර්' සඟරාවේ ප්‍රධාන මුලස්ථානයේදී පැවැත් විණි.
'ද බෑන්කර්' සඟරාවේ ප්‍රධාන කර්තෘ බ්‍රයන් කැප්ලෙන් මහතා විසින් මෙම සම්මානය රවි කරුණානායක මහතා වෙත ප්රදානය කළ බව මුදල් අමාත්‍යාංශය පවසයි.
රටේ ගෙවුම් ශේෂය හේතුකොටගෙන ඇති වන මූල්‍ය අර්බුද වලක්වා ගැනීමට අමාත්‍ය රවි කරුණානායක මහතා සමත් වූ බවත්, රටේ මුදල් සංචිත යථාතත්ත්වයට ගෙන එමින් විදේශ ආයෝජකයන්ගේ විශ්වාස යළි ගොඩනැඟීමට මුදල් අමාත්‍යවරයාට හැකි වූ බවත් එම සඟරාව පෙන්වා දී ඇති බවද මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.