තේ අපනයනකරුවන් මුහුණදෙන ගැටලු හඳුනා ගනිමින් ඒවාට පිළියම් ලබාදීමත්, කර්මාන්තයේ අපනයන ආදායම ඉහළ දැමීමට අදාළ රාජ්‍ය ප්‍රතිපත්ති සැකසීමේදී ඔවුන්ගේ අදහස් හා යෝජනා ලබාගැනීමත් වෙනුවෙන් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ විශේෂ හමුවක් පසුගිය 19 වැනිදා කොළඹ 02, නවම් මාවතේ පිහිටි එම මණ්ඩලයේදී පැවැත්විණි.
ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායිකා ඉන්දිරා මල්වත්ත, අධ්යක්ෂ ජෙනරාල් හිමාලි ජිනදාස, කෘෂි අපනයන අංශයේ වැඩබලන අධ්‍යක්ෂිකා ශ්‍රීමතී නාරන්දෙනිය යන මහත්මීන්ද, එම අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ දර්ශන පෙරේරා මහතා ඇතුළු මෙරට ප්‍රධාන පෙළේ අපනයනකරුවන් පිරිසක් හා තේ අපනයනකරුවන්ගේ සංගමයේ නිලධාරීන්ද සහභාගී වී සිටියහ.
තේ කර්මාන්ත ක්ෂේත්රයේ අපනයන ආදායම වර්ධනය කිරීමේදී තේ අපනයනකරුවන්ට රජය කෙසේ සහාය විය යුතුද යන්න මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට බඳුන් වූ අතර, පොදුවේත්, පෞද්ගලිකවත් අපනයනකරුවන් මුහුණදෙන ප්‍රශ්න හා ගැටලු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ හා සභාපතිනී මල්වත්ත මහත්මියගේ අවධානයට යොමුවීම මෙම හමුවේ විශේෂත්වයක් වූ බව එම අමාත්‍යාංශය කියයි.