2015 අයවැය මගින් නිවේදනය කරන ලද 50% කින් තැන්පතු රක්ෂණ ආවරණය වැඩි කිරීමේ තීරණයට අනුව ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරඛ යෝජනා ක්‍රමය එක් ආයතනයක එක් තැන්පතු හිමියෙකු සඳහා සිය තැන්පතු රක්ෂණ ආවරණය 2015.01.01 සිට බලපැවැත්වෙන පරිදි රු.200,000/- සිට රු.300,000/- දක්වා වැඩි කර තිබේ.
සංශෝධිත රක්ෂන ආවරණයට අදාළ රෙගුලාසි 2014 අංක 1 දරණ ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය පිළිබඳ රෙගුලාසි යන හැඳින්වීම යටතේ 2014 දෙසැම්බර් 02 දින අංක 1891/11 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රසිද්ධ කර ඇත.