ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ 2014 වසරේ සංවර්ධන කටයුතු සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් වෙන්කළ ප්‍රතිපාදන වූ රු.කෝටි 60ක් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් භාරදීම අද (11දා) ත්‍රිකුණාමලය සිංහල මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී සිදුකරන ලදී.
ගම සංවර්ධනයේදී රාජ්‍ය නිලධාරීන්, මහජන නියෝජිතයින්, ප්රජානායකයින්ගේ දායකත්වයෙන් සහභාගීත්ව සංවර්ධන ප්‍රවේශය තුළින් ගම නැගුම, රට නැගුමට ජාතික සංවර්ධන මෙහෙයුම ක්‍රියාත්මක කරන බවද, ඒ සඳහා සැමගේ සහාය නොඅඩුව ලැබෙනු ඇතැයිද ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළකළේ 2014 ජාතික අයවැය පිළිබදව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් දිස්ත්‍රික් මට්ටමෙන් පවත්වනු ලබන දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවේ මාර්තු 11 වැනි අඟහරුවාදා ත්‍රිකුණාමලයේ සිංහල මධ්‍යමහ විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී පැවැත්වූ රැස්වීමේදීය. එදින, අම්පාර නගර සභා ක්‍රීඩාංගනයේදීද රැස්වීමක් පැවැත්විණි.
දොරින් දොරට ගමින් ගමට ආර්ථික සංවර්ධනය සඳහා වූ ජාතික ආර්ථික සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නැංවීම මෙහි අරමුණ බව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
මේ යටතේ එක ගමකට එක වැඩක්, ගම නැගුම, ග්‍රාමීය පාසල්වල සනීපාරක්ෂක පහසුකම්, පළාත් නැගුම, දිවි නැගුම ජීවනෝපාය සංවර්ධනය, පුරං කුඹුරු අස්වැද්දීම, වන සම්පත් සංරක්ෂණ සහ සුළු වාරිමාර්ග ප්‍රතිසංස්කරණය යන ආදී ක්ෂේත්රයන් ඔස්සේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වේ.