තරුණයන්ට සහන පොලී අනුපාත යටතේ ණය ලබාදෙන ක්‍රමවේදයක් සකස් කළ බවත්, ඒ පොලී ගෙවීම වෙනුවෙන් රු.බිලියන 4ක් වෙන් කිරීමට කටයුතු කළ බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
"තරුණයන්ට සහන පොලී අනුපාත යටතේ ණය ලබාදෙන ක්‍රමවේදයක් අප සකස් කළා. එම පොලී ගෙවීම සඳහා රු.බිලියන 4ක් වෙන් කිරීමටත් කටයුතු කළා. වැඩි පොලී ප්‍රමාණය රජය දරන ආකාරයට, ඒ ණය මුදල් සකස් වී තිබෙනවා. ඒ වගේම, ජනමාධ්‍යවේදීන්ට උපකරණ මිලදී ගැනීමට ලබාදෙන ණය සඳහා රජය කිසිදු පොලියක් අය කරන්නේ නැහැ. හැබැයි ඔය පොලී රහිතව ගන්නා උපකරණවලින් අපටමයි ගහන්නෙ. ඒත් ප්‍රශ්නයක් නැහැ. මොකද, ප්රජාතන්ත්රවාදී නිදහස් රටක් කියන්නෙ ඒ අයිතිය හැමදෙනාටම තියෙන්නෙ ඕනෙ. ඒ වගේම, අපි ඒ නිදහස රැකගන්න ඕනෙ. ඒක වඩාත් ශක්තිමත් කරන්න ඕනෙ. මොකද රටක සංවර්ධනය රැඳෙන්නෙ ප්රජාතන්ත්රවාදය සහ සංහිඳියාව කියන කුලුනු දෙක උඩයි. එය ශක්තිමක් කිරීම සඳහා රජය විශාල වැඩ කොටසක් කරගෙන යනවා" යැයි අමාත්‍යවරයා පවසයි.