2017 වසරේදී මේ දක්වා ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව රුපියල 2.5%කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.
දේශීය උද්ධමනයට සාපේක්ෂව එය තවදුරටත් සුළු ප්‍රමාණයකින් අවප්‍රමාණය විය යුතු බවද මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ ප්‍රතිපත්ති පොලී අනුපාතික සමග මුදල් මණ්ඩල තීරණය දැනුම් දෙමිනි.
තරගකාරී විනිමය අනුපාතයක් පවත්වාගෙන යාම වැදගත් බවද පෙන්වා දෙන මහ බැංකු අධිපතිවරයා, හම්බන්තොට වරාය ව්‍යාපෘතිය තුළින් මේ වසරේ දෙසැම්බර් මාසය වනවිට ඇ.ඩො.මිලියන 400 ඉක්මවූ ආයෝජන හිමිවනු ඇති බවද විශ්වාසය පළ කළේය.