ටෝකියෝ-මිට්සුබිෂි UFJ බැංකුවක් ශ්‍රී ලංකාවට
ජපානයේ මිට්සුබිෂි UFJ මූල්‍ය සමූහයේ වෙළෙඳ බැංකුව වන ටෝකියෝ-මිට්සුබිෂි UFJ (BTMU) බැංකුව විසින් පිහිටවූ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලයේ නිල ව්‍යාපාරික කටයුතු නිල වශයෙන් ආරම්භ විය.
ඒ අනුව ශ්‍රී ලංකාව තුළ සිය නියෝජිත කාර්යාලයක් පිහිටවූ පළමු ජපාන බැංකුව බවටත් එය පත්ව තිබේ. කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බටහිර කුළුණේ අංක 04-02 හි මෙම නියෝජිත කාර්යාලය පිහිටා ඇත.
මෙම පිහිටුවීමත් සමගම එම බැංකුවේ ගනුදෙනුකරුවන් වෙත ශ්‍රී ලංකාව තුළ වෙළෙඳ ගනුදෙනු, විදේශ මුදල් ගනුදෙනු, මුදල් තැන්පත් සිදු කිරීම සහ ශ්‍රී ලංකාවේ බලයලත් වාණිජ බැංකු සහ වෙනත් සමාගම් සඳහා ණය ලබාදීමේ කටයුතුද සිදු කිරීමේ හැකියාව පවතියි.
එසේම ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන එකම ජපාන බැංකුව ලෙස ජපානයේ සමාගම් වෙත ශ්‍රී ලංකාව තුළ විවිධ වෙළෙඳ ක්‍රියාකාරකම් සඳහා සම්බන්ධ වීමේ පහසුකම්ද මේ හරහා ලබා දෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

