ශ්රී ලංකා ජාතික වාණ්ජ මණ්ඩලය හා ශ්රී ලංකා රේගුව එක්ව මෙහෙයවනු ලබන අපනයන සැකසුම් සඳහා තාවකාලික ආනයනය යන මැයෙන් විශේෂ සම්මන්ත්රණයක් සංවිධානය කර තිබේ.
එළැඹෙන මැයි 31 වැනිදා නො.450, ඩී.ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10 යන ස්තානයෙහි පිහිටි ජාතික වාණිජ මණ්ඩල ශ්රවණාගාරයේදී ප.ව.3.00 සිට 5.00 දක්වා මෙම සම්මන්ත්රණය පැවැත්වීමට නියමිතය.
මේ සඳහා ලියාපදිංචි වීමට 011-4741788 යන දුරකථන අංකයෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.