දීපව්‍යාප්තව ලංකාපුත්‍ර බැංකුව විසින් පවත්වන ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහනේ පළමු අදියර පසුගියදා කොළඹදී සාර්ථකව පැවැත්විණි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් මෙම වැඩසටහන සකස් කොට තිබූ අතර, මීට අවශ්‍ය සියලු සම්බන්ධීකරණ කටයුතු ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ අලෙවි හා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සිදුකරනු ලැබූ බව ඔවුන් කියයි. එමෙන්ම, කොළඹ ශාඛාව හරහා මීට අවශ්‍ය ව්‍යවසායකයන් තෝරාගැනීම සිදුකර තිබේ. එහිදී, බැංකුවෙන් ණය ලබාගත් ව්‍යවසායකයන් මෙන්ම අලුතින්ම ව්‍යාපෘති ආරම්භ කිරීමට අදහසක් ඇති ව්‍යවසායකයන් මෙම පුහුණු වැඩසටහනට සහභාගී වූ බව බැංකුව පවසයි.
මිරිහාන ග්‍රාම සංවර්ධන කාන්තා සමිතිය සහ ගම්පහ දිරිසරු ස්වයං රැකියා ව්‍යවසායකයන්ගේ සංසදයට අනුයුක්ත ව්‍යවසායකයන් 35 දෙනෙකු සඳහා ලංකාපුත්‍ර සංවර්ධන බැංකු ප්‍රධාන කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී මෙම පුහුණු වැඩසටහන පවත්වා තිබුණි. කෘෂිකර්මාන්තය, ගෙවතු වගාව, රස කැවිලි නිෂ්පාදනය සහ කිරිගව පාලනයට අදාළ ස්වයං රැකියාවල නියුතු ව්‍යවසායකයන් මෙම පුහුණු වැඩසටහනට තෝරාගෙන තිබුණි.