ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2016 අප්‍රේල් මස ජාතික පාරිභෝගික මිල දර්ශකය 111.6 ලෙස ගණනය කර ඇති අතර, අප්‍රේල් මාසයේ දර්ශකය මාර්තු මාසයේ දර්ශකය (110.0) හා සංසන්දනය කළ විට 1.6 ක දර්ශකාංක වැඩිවීමක් හා ප්‍රතිශතයක් ලෙස 1.5% ක වැඩිවීමක් වාර්තා වන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
මේ සඳහා ආහාර කාණ්ඩයේ වියදම්වල වටිනාකම 0.97% කින් වැඩිවීම හා ආහාර නොවන කාණ්ඩයේ වියදම්වල වටිනාකම 0.45% කින් වැඩිවීම බලපා ඇත.