ජාතික තේ සම්මාන උළෙල 2017 ජනපති ප්‍රධානත්වයෙන්
ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට වසර 150ක් සපිරීමට සමගාමීව තේ කර්මාන්ත ක්ෂේත්රයේ නියැලී සිටින පිරිස් දිරිගැන්වීමේ අරමුණින් සංවිධානය කරනලද ජාතික තේ සම්මාන උළෙල - 2017 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08දා) පස්වරුවේ කොළඹ නෙථම් පොකුණ රඟහලේදී පැවැත්විණි.
හොඳම තේ දලු නෙළන්නා, හොඳම අමු තේ දලු සපයන්නා, හොඳම තේ වත්ත, හොඳම තේ කර්මාන්ත ශාලාව, හොඳම තේ අපනයනකරු ඇතුළු විවිධ අංශ සදහා සම්මාන 150ක් මෙහිදී ප්රදානය කෙරුණු අතර ජනාධිපතිවරයා අතින් සංකේතාත්මකව සම්මාන 25ක් පිළිගැන්විණි.
ශ්‍රී ලංකා තේ කර්මාන්තයේ උන්නතිය සදහා තම ජීවිත කාලය තුල සිදුකරන ලද සුවිශේෂ දායකත්වය වෙනුවෙන් එක්වරක් පමණක් පිදෙන උපහාර සම්මාන 04 ක් ද ප්රදානය කෙරිණි.
එමෙන්ම, ජනාධිපතිවරයා වෙත ද වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා විසින් සිහිවටන තිළිණයක් පිළිගැන්වීය.
නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජේ.ඒ. රංජිත්, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති රොහාන් පෙතියාගොඩ යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.




