මේ වනවිට රටේ පවතින සාමකාමී පරිසරයත් සමග ශ්‍රී ලංකාව, ජර්මනිය සමග ආයෝජන හා වෙළෙඳ කටයුතු වර්ධනය කරගැනීමට අපේක්ෂා කරන බව ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති සරත් කෝන්ගහගේ මහතා පවසයි.
ජර්මනියේ බ්රීමෙන් හි ආසියා ශාන්තිකර ව්‍යාපාරික සංගමයේ 113 වැනි සංවත්සර උළෙල අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.
මෙම උත්සවයේ විශේෂ ආරාධිතයා සහ ප්‍රධාන කථිකයා වෙමින්, තවදුරටත් අදහස් දැක්වූ සරත් කෝන්ගහගේ මහතා ශ්‍රී ලංකාව ගුවන්, නාවුක, දැනුම, බලශක්ති සහ වාණිජ යන කේන්ද්රස්ථානයන්ගේ මෙන්ම සංචාරක කර්මාන්තයේ ආයෝජන ඉඩප්රස්ථා හඳුනා ගෙන ඇති බව පැවසීය.
ජර්මනියේ බ්රීමෙන් හි ආසියා ශාන්තිකර ව්‍යාපාරික සංගමය වෙළෙඳාම, කර්මාන්ත, බැංකු සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් රැසක නිරත ව්‍යාපාරිකයන්ගෙන් සැදුම් ලත් පුළුල් සංවිධානයක් බව පැවසෙයි. ශ්‍රී ලංකාවේ ප්රතිසංධාන ක්‍රියාවලිය සහ ආයෝජන හා වෙළෙඳ කටයුතු වෙනුවෙන් ඇති හිතරකර වාතාවරණය සහ පහසුකම් ශ්‍රී ලංකා තානාපතිවරයා විසින් මෙම පිරිස හමුවේ විස්තර කරන ලදී.
ජර්මනිය යුරෝපා සංගමයේ රටවල් අතුරින් ශ්‍රී ලංකාවේ වැඩිම ආයෝජන ප්‍රමාණයක් කර ඇති දෙවැනි රට වන අතර, ශ්‍රී ලංකාවේ උසස් තත්ත්වයේ නිෂ්පාදන රැසක් ජර්මනිය මිලදී ගනී.