යාපනය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ පර්යේෂණ හා පුහුණු ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම සඳහා ජපන් රජය මගින් රු.මිලියන 2,100ක් ලබාදීමට අදාළ ගිවිසුම් අත්සන් කර තිබේ.
කිලිනොච්චියේ පිහිටි මෙම පීඨය සඳහා අංග සම්පූර්ණ පහසුකම්වලින් සමන්විත ගොඩනැගිලි දෙකක් මේ යටතේ ඉදිකිරීමට නියමිතව ඇත.
මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ඊට අත්සන් තැබූ අතර ජපාන රජය වෙනුවෙන් එරට ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ ප්‍රධාන නියෝජිත කියෝෂි අමඩා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා යන මහත්වරු ඊට අත්සන් කර ඇත.