ජපාන සංචාරකයන් වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීම අපේක්ෂා කරන බවත්, ජපාන සංචාරකයන් ශ්‍රී ලාංකිකයන්ට ඉතා සමීප බවත් විශේෂ කාර්යභාරය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසා සිටියේය.
ජපානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය දිගු කාලීන එකක් බව අමාත්‍යවරයා පවසා සිටියේ ජපාන - ශ්‍රී ලංකා 2018 ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින්. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"අපි ජපන් සංචාරකයන් වැඩි වැඩියෙන් පැමිණීම අපේක්ෂා කරනවා. මා සිතනුයේ සංචාරක මණ්ඩලයේ දිරි ගැන්වීමෙන් දැන් ගෝල්ෆ් පිටි ලංකාව පුරා බිහිවෙමින් තිබෙනවා. ජපානයේ දැවැන්ත ව්‍යාපාරිකයන් මෙහි පැමිණ ගෝල්ෆ් ක්‍රීඩාවේ යෙදෙන්නට බොහෝ කැමතියි. ජපානයේ එවැන්නක් වියදම් අධිකයි. ඒ නිසා ලාභම දේ ශ්‍රී ලංකාවට පැමිණ ගෝල්ෆ් ගැසීමයි.
අපිට ජපන් සංචාරකයන්ගෙන් කිසිම ප්‍රශ්නයක් වී නැහැ. අපේ බොහෝදෙනෙක් දැන් ජපන් බස ඉගෙන ගන්නවා. ආර්ථික ක්ෂේත්රයේදීද ජපානය ඉතා අගනා සහකරුවෙකු බව සඳහන් කළ යුතුයි. ජපන් නිෂ්පාදන ඉතා ඉහළ තත්වයකින් යුක්තයි." යනුවෙන් පවසා සිටියේය.