ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සමග අත්වැල් බැඳගෙන ‘ජනලේඛන හා සංඛ්‍යාලේඛන දැනුවත් කිරීමේ පාගමන’ නමින් විශේෂ පාගමනක් පැවැත්වීමට පසුගියදා කටයුතු කළේ ය.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් පිරිනමනු ලබන සේවාවන් පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම සහ එම දෙපාර්තමේන්තුවේ නවතම කාර්යාල ගොඩනැගිල්ල 2014 දෙසැම්බර් මස 8 වැනිදා ආගමික වතාවත්වලින් අනතුරුව විවෘත කෙරෙන බව දැනුම් දීම මෙම පා ගමනේ අරමුණ විය.