ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා ධීවර සමිති නියෝජිතයන් අතර හමුවක් අද (30දා) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
අමාත්‍යවරුන් වන මිල්රෝයි ප්‍රනාන්දු, බැසිල් රාජපක්ෂ, රාජිත සේනාරත්න, ඩග්ලස් දේවානන්දා, ජී.එල්.පීරිස්, ෆීලික්ස් පෙරේරා, ප්‍රියංකර ජයරත්න, දයාශ්‍රිත තිසේරා, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන සරත් ගුණරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී මුරුගේස් චන්ද්‍රකුමාර්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න යන මහත්ම මහත්මීන්ද, උතුරු නැගෙනහිර ඇතුළු සියලු පළාත් නියෝජනය කරමින් ධීවර සමිති නියෝජිතයන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.