ජනපති දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමග
දකුණු කොරියාවේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (28දා) පස්වරුවේ සෝල් නුවරදී දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවිය.
භික්ෂූන් වහන්සේ, වෘත්තිකයන්, ව්‍යාපාරිකයන්, ශිෂ්‍යයන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.
2015 ජනවරම ඉටුකිරීම සදහා අභියෝග හා බාධක නොතකා කටයුතු කිරීම වෙනුවෙන් Nam San Hall Grund Hyatt ශ්‍රී ලාංකේය සංගමය විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත ස්තූතිය පළ කළ අතර, දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකේය ශ්‍රමිකයින්ට රැකියා බලපත්‍ර ක්‍රමයක් හඳුන්වාදීම සඳහා ගිවිසුමක් අත්සන් තැබීමට කටයුතු යෙදීම පිළිබඳවද ස්තූතියි පිරිනමා තිබේ.
එහිදී, දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නව වෙබ් අඩවිය විවෘත කිරීමද ජනාධිපතිවරයා අතින් සිදුව ඇත.
අමාත්‍යවරුන් වන ආචාර්ය සරත් අමුණුගම, තිලක් මාරපන, දයා ගමගේ, රංජිත් සියඹලාපිටිය, මලික් සමරවික්‍රම, තලතා අතුකෝරළ යන මහත්ම මහත්මීන්ද දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති මනේෂා ගුණසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.








