ගෝත්‍රික මත පරදා නවීන ලොව ජය ගත හැකි තරුණ පරපුරක් බිහි කිරීම රජයේ අපේක්ෂාව බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
රටක් දියුණවට පත් වීම යනු තරුණ පරපුර අධ්‍යාපනය අතින් ඉදිරියට ගමන් කිරීම බව හෙතෙම පෙන්වා දෙයි. ඒ වෙනුවෙන් රජය නිරත්නතරයෙන් කැපවන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
මංගල සමරවීර මහතා මේ බව කියා සිටියේ මාතර සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලයේ සිසු නේවාසිකාගාරය විවෘත කිරීම සහ නව සිවු මහල් පංති කාමර ගොඩනැගිල්ලට මුල් ගල තැබීමේ අවස්ථාවට අද (26දා) එක්වෙමිනි.