ශ්‍රී ලංකා ගෘහනිර්මාණ ශිල්පී සංගමයේ 'ගෘහනිර්මාණ 2016' ප්‍රදර්ශනය එළිදැක්වීම සහ ඔවුන්ගේ 33 වැනි වාර්ෂික සැසිය 23දා පැවැත්වීමට නියමිත බව එම සංගමය පවසයි.
මෙරට ප්‍රවීණ ගෘහනිර්මාණ ශිල්පීන්, ශ්‍රී ලංකා ගෘහනිර්මාණ ශිල්පී සංගමයේ නිලධාරීන් සහ 'ගෘහනිර්මාණ 2016' කමිටු සමාජිකයන් සහභාගි වූ විශේෂ හමුවකදී මෙම කරුණු අනාවරණය කෙරිණි.
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලවේදී මෙම වසරේ පෙබරවාරි මස 17 සිට 22 වැනිදා දක්වා පැවති ප්‍රදර්ශනය සහ 32 වැනි වාර්ෂික සැසිය මගින් ලබූ සාර්ථකත්වයට පසු මීළඟ සැසිය ඉතා ඉහළින් පැවැත්වීමට සංවිධායකයෝ බලාපොරොත්තු වෙති.