ගාල්ල සංවර්ධනයට රුපියල් මිලියන 3135ක්
ගමින් ගමට දොරින් දොරට වැඩසටහන යතේ ගාල්ල දිස්ත්‍රික්කයට රු.මිලියන 3134.5ක් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් වෙන් කර ඇත.
පසුගියදා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති ගමින් ගමට දොරින් දොරට වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මෙම කරුණු අනාවරණය විය.
ඒ යටතේ ව්‍යාපෘති 5,477ක් දැනට ක්‍රියාත්මක වන බවත්, මේ යටතේ ව්‍යාපෘති 1,396ක වැඩ දැනට අවසන් වී ඇති බවත් පැවසුණි. එහිදී, එක් ගමකට එක් වැඩසටහනක් යටතේ ව්‍යාපෘතීන් 738ක්ද, ගමනැගුම වැඩසටහන යටතේ ව්‍යාපෘති 243ක්ද, විමධ්‍යගත වැඩසටහන් යටතේ ව්‍යාපෘති 64ක්ද, පළාත් නැගුම වැඩසටහන යටතේ ව්‍යාපෘති 224ක්ද, පාසල් සංවර්ධන වැඩසටහන යටතේ ව්‍යාපෘති 29ක්ද, රුහුණු උදාන වැඩසටහන යටතේ ව්‍යාපෘති 62ක්ද, විශේෂ ව්‍යාපෘති 36ක්ද ලෙස නිම කිරීම සඳහා රු.මිලියන 489.5ක් වැය කර ඇති බව පැවසුණි.
මෙම ප්‍රගති සමාලෝචන රැස්වීම සඳහා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචි නිලමේ, ගාල්ල දිස්ත්‍රික් ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ යන මහත්වරු, රාජ්‍ය නිලධාරීන් සහ මැති ඇමතිවරු පිරිසක් එක්ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

