ගාල්ල - මාතර අධිවේගී මාර්ගය ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් මාර්තු 08 සිට 10 දක්වා දින තුනක් පුරා විවිධ වැඩසටහන් ක්රියාත්මක වීමට නියමිතය.
ඒ අනුව, මාර්තු 08දා ගොඩගම පිවිසුම අසලදී නිල්වලා සෙත් පිරිත් සජ්ඣායනය කෙරන අතර, 09දා නිල්වලා එක්ස්ප්රස් නමින් පා පැදි සවාරියක් පැවැත්වෙන බව පෙන්වා දෙයි. එදිනම නිල්වලා වෝක් නමින් පා ගමනක්ද, ගාල්ල මාතර දෙදිසාවේ දේශපාලන නායකයන් අතර කඹ ඇඳීමේ තරගයක්ද පැවැත්වීමට නියමිතය. පස්වරුවේ ත්රී රෝද රථ පෙරහරක්, කොක්මාදූව පිවිසුම අසලදී පොර පොල් ගැසීමේ තරගයක්ද පැවැත්වෙන බව පෙන්වා දෙයි. මෙදිනම රාත්රියේ වොයිස් ඔෆ් නිල්වලා නමින් සංගීත ප්රසංගයක්ද පැවැත්වීමට නියමිතය.
මාර්තු 10 දා නිල්වලා සැලූට් නමින් මාතර දිස්ත්රික් පාසල් තූර්යවාදක කණ්ඩායම් 50කගේ සහභාගිත්වයෙන් ආබාධිත රණවිරුවන් 400ක් පෙරටු කොටගෙන රණවිරු උපහාර පිරිනැමීමක් සිදුකිරීමට නියමිතය. පස්වරුවේදී යතුරු පැදි ධාවන තරගයක් පැවැත්වෙන අතර මෙදින රාත්රියේ නිල්වලා ශාන්ති නමින් ගම්මඩු ශාන්ති කර්මයක්ද පැවැත්වීමට නියමිත බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.